ඖෂධ, ඉන්ධන සහ පොහොර නොමැති වූ යුගය අමතක නොකළ යුතුයි

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව ජනතාව අපහසුතාවයට ලක් වූ යුගය අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ නව වන සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරය කියා සිටියේ, ඖෂධ ශාලා හිමියන්ගේ සම්මේලනය වකුගඩු අරමුදලට මෙන්ම සෞඛ්‍ය අරමුදලට සිය දායකත්වය ලබා දී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට ශ්‍රී ලංකාව ගෙන එන වැඩපිළිවෙළ නිවැරදි බවට සහතික කර ඇති බවයි.

එමෙන්ම, ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් ලබන දියුණුව සමඟ ශ්‍රී ලංකාව ද ඉදිරියට යා යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *