නිර්වින්දන ඖෂධ හිඟකමින් රෝගී ජීවිත අනතුරේ..හොරු ඇල්ලීමෙන් පමණක් සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිවැරදි කළ නොහැකි යි.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ( සමගි ජන සන්ධානය කොළඹ දිස්ත්‍රික්කය)
රටක ජාතික සංවර්ධනය සඳහා දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන්ට දඬුවම් කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන අතර රටේ අධ්‍යාපනය සෞඛ්‍යය කෘෂිකර්මය වැනි ශ්‍රේෂ්ඨ නගා සිටුවීම සඳහා නව උපක්රමයන් භාවිතා කිරීම ඉතා අත්‍යවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් සමග ජන සන්ධාන අපේක්ෂක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
ලබන වසර වන විට රට තුළ බරපතල ඖෂධ හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් දැනටමත් වෛද්‍ය සැපයුම් ඒකකය තුළ ඖෂධ 350 කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බවත් මේවා කල් ඇති අවබෝධ කොට නිසි පරිදි සැලසුම් සකස් ලබා දීමට කටයුතු නොකළහොත් මෙරට සාමාන්‍ය මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්විය හැකි බවද ඔහු සඳහන් කළේය.
දැනටමත් නිර්වින්දනය සඳහා ලබා දෙන ඖෂධ ඇතුළු ඖෂධ ගණනාවක හිඟය මතුවීම නිසා ප්‍රදේශ රැසක රෝගීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය සේවාව පවතින දූෂණ වංචා අක්‍රමිකතා වලට එරෙහිව ක්‍රියා කරන අතර පවතින ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට දේශපාලන යාන්ත්‍රණය සමත් විය යුතු බවත් එසේ නොවන්නේ නම් මහජනතාව පවතින පාලන ක්‍රමය ගැන ද දැඩි ලෙස කලකිරීමට පත්ව හැකි බව ඔහු සඳහන් කළේය.
කොළඹ තිකය කේන්ද්‍රගත සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක් පවතින බවත් ත් සැත්කම් සඳහා පන්දහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් සිටින අතර අනෙකුත් බොහෝ ශල්‍යකර්ම සඳහාද කොළඹ ප්‍රදේශයේ රෝගීන්ට විශාල වශයෙන් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුවීම ඔවුන්ගේ ජීවිතවලට කරන විශාල අසාධාරණයක් බවද ඔහු සඳහන් කළේය.
කොළඹ ප්‍රදේශය පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහාද 21 වන සියවසට ගැලපෙන පරිදි අධ්‍යාපන හා කෘෂි තාක්ෂණික සේවා වෙනස් කිරීම කෙරෙහි ද තමන්ගේ අවධානය යොමුව ඇති බවත් ඒ සඳහා යටතේ පාර්ලිමේන් කළේය.