ඖෂධ හේතුවෙන් අනපේක්ෂිත මරණ සිදුවීම තවදුරටත්.

ගැස්ට්‍රයිටිස් රෝගයට ඇතුළුවූ රෝගියෙකුට ලබාදුන් එන්නතක් හේතුවෙන් සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී රෝගී කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

පසුගිය පළමු වැනිදා රෝහලට ඇතුළත් කරනු ලැබූ විසි හය හැවිරිදි මෙම කාන්තාව, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එන්නත් කිහිපයක් ලබා දුන් බවත්, එම එන්නත් ලබාදීම හේතුවෙන් තම දියණිය මියගිය බවට සැක කරන බව ඇයගේ දෙමව්පියන් චෝදනා කරනවා.

බාල ඖෂධ පිළිබඳව සැකය කාලාන්තරයක් තිස්සේ මතුකරනු ලැබුවද, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජය විසින් මෙතෙක් ගනු ලැබූ පියවර ප්‍රමාණවත් නොමැති බව මෙමඟින් තවදුරටත් තහවුරු වෙමින් තිබෙන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රමවේදය මාරු කිරීම සඳහා පියවර නොගනිමින් පුද්ගලයන් පමණක් මාරු කිරීමෙන් මෙම ඖෂධ පිළිබඳ ගැටලුව නිරාකරණය නොවන බව පෙන්වා දෙමු. වර්තමාන රජයේද සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගේ සහයෝගය සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතෙක් ලැබී ඇති පෙනෙන්නට නොමැති අතර, මැතිවරණ ගැටලුවලට විසඳුම් සොයනවා සේම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය සඳහා මීට වඩා වැඩි අවධානයක් ලබාදීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුය.

රවි කුමුදේශ්
සභාපති,
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *