කච්චතිව් දූපතේ සිද්ධිය සම්බන්ධයෙන් කොංග්‍රස් පක්‍ෂයට ඉන්දීය අගමැතිගේ දෝෂාරෝපණය

කච්චතිව් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට කොංග්‍රස් පක්ෂයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාපති අන්නාමලෙයි විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ලබාගත් තොරතුරු උපුටා දක්වමින්, නරේන්ද්‍ර මෝදි මෙසේ සිය චෝදනා එල්ල කර තිබෙන්නේ.

ඒ අනුව, 1974 වසරේ එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරිය වූ ඉන්දිරා ගාන්ධිගේ පාලන සමයේදී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීමට තීරණය කළ බව ඔහු පෙන්වා දී තිබුණා.

මේ අනුව පැරණි පක්‍ෂයක් වන කොංග්‍රස් පක්‍ෂය රටේ ඒකීයභාවය සහ සුබසාධනය දුර්වල කරන බවත්, වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රශ්නය හේතුවෙන්, සෑම ඉන්දියානුවෙකුම කෝපයට පත් කර ඇති බවද , ඔහු සිය නිල X පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *