කටුකුරුන්දේ ටෂී ඝාතනය කළ සැකකරු බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

කළුතර දී පසුගිය මැයි 19 දා රාත්‍රියේ දී කටුකුරුන්දේ ටෂී නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු පෙරේදා (27) කළුතර බන්ධනාගාරය තුළදී හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, තිබුවන, පැලපිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නමැති 40 හැවිරිදි අයෙක්.

හිරු ප්‍රවෘත්ති අප කල විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කළුතර, කටුකුරුන්ද ස්ටේෂන් පාරේ වෙඩි තැබීමක් සිදුකර මනුෂ්‍ය ඝාතනයක් යටතේ අත්අඩංගුවට ගෙන පසුගිය 25 දා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙක් බවයි.

හදිසියේ ඇත්වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා පස්වරුවේ මොහු නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවත්, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, මෙම මරණය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් පවත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *