කටුනායක ගුවන්තොටුපලේ ඇති වූ හදිසි තත්ත්වය අත්හිටුවීමට තීරණය කළ බව ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා.
ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත අද (19) පැමිණි ගුවන් යානයක ඇති වූ බෝම්බ බියක් හේතුවෙන් ගුවන් තොටුපළේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කරනු ලැබුවා.
අදාළ බලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් ගුවන් යානයේ වාර්තා වූ බෝම්බ තර්ජනයට අදාළව සැක කටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වුණා.
ඉන් අනතුරුවයි, කටුනායක ගුවන්තොටුපළට පැනවූ හදිසි තත්ත්වය අත්හිටුවීමට තීරණය කෙරුණේ.