කබලෙන් ලිපට වැටුණු මින්නේරියේ ගොවීන්

මෙවර යල කන්නය යටතේ මින්නේරිය රොටවැව මාතලාවැව ගොවි සංවිධානය යටතේ කුඹුරු අක්කර 340කට ආසන්න භූමි ප්‍රමාණයක වී වගා කර තිබෙනවා.

එම වී වගාවන් සඳහා මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් රජයේ පොහොර සහනාධාරය මෙතෙක් නොලැබීමෙන් එම ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුවකටයි.

ගොවිතැන වෙනුවෙන් මේ වනවිටත් විශාල මුදලක් වියදම් කර ඇති පසුබිමක වී වගාව සදහා පොහොර මිළදී ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බවයි ගොවීන් පවසන්නේ.

මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ ව්‍යාපාරයේ රජඇල ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් මහ කන්නය යටතේ වගා කල එළවළු වගාවන්හි අස්වනු මේ දිනවල නෙලමින් පවතිනවා.

බණ්ඩක්කා, මෑ කරල්, මිරිස්, කරවිල ඇතුළු එළවළු වගාවන්ගෙන් ගොවීන් සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට සමත්වුවද එළවළු මිල විශාල වශයෙන් පහළ යාම හමුවේ එම ගොවිජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *