කසල තේ කිලෝ 13,000 උඩුනුවරින් අල්ලයි

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී කසල තේ ගබඩා හතරක් වැටලු ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒවායෙහි තිබූ කසළ තේ කිලෝ දහතුන්දභස් දෙසිය දාහතක් සමග හිමිකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුනුවර ලීමගහ ප්‍රදේශයේදී මෙම ගබඩා හතර පරික්ෂාවට ලක් කර තිබු අතර මෙම ප්‍රදේශය ප්‍රසිද්ධව ඇත්තේ කසල තේ නිෂ්පාදනය සඳහා බවත් ඔවුන් විසින් මෙම කසල තේවලට විවිධ රසායනික ද්‍රව්‍ය කවලම් කොට ඒවා කළු පැහැ ගන්වා නිමි තේ බවට පත්කර මෙරට හා විදේශ වෙළෙඳ පොළවෙත යැවීම කාලාන්තරයක් තිස්සේ සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මෙම තේ තොගය පරික්ෂා කිරීම සඳහා තේමණ්ඩල නිලධාරීන්ද පැමිණ සිටි අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා සමඟ මෙම කසල තේ තොගය දවුලගල පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු ප්‍රදේශිය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරී අභයරත්න ගම්පොළ කඳවුර භාර නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද උඩඅරඹ යන නිලධාරීන්ගේ උපදෙස් මත දෙවන අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක රසික සිරිවර්ධන උප පොලිස් පරීක්ෂක කුමාර පොලිස් සැරයන් 66863 බණ්ඩාර පොලිස් කොස්තාපල්වරු වන 83510 ජයන්ත 21721 පුෂ්පකුමාර 22733 කුමාරතුංග 39671 මුණිරත්න යන නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *