කළින් ප්‍රශ්නයට උත්තර දුන් අනුර මිතුරාට රනිල්ගෙන් තවත් ප්‍රශ්න දෙකක්

නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කර අපනයනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් සකසන්නේ කෙසේදැයි යන පැනයට අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන්ම පිළිතුරු දිය යුතු බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, වැලිමඩ පැවැති ජන රැලියට එක් වෙමින්.

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් “පුළුවන් ශ්‍රී ලංකා” මැයෙන් ජන රැලියක් වැළිමඩදී පැවැත්වුණා.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වු තලතා අතුකෝරල ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් මෙම ජන රැලියට එක්ව සිටීම විශේෂත්වයක්.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *