කළුතරදිත් දැරියක් අපයෝජනයට ලක්වෙයි

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය වාර්තා වී දින කිහිපයක් ගතවන්නට මත්තෙන් තවත් එවැනිම සිද්ධියක් කඵතර දියගම ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

පොලිසිය සදහන් කළේ වසර දෙකකට ආසන්න කාලයක් 12 හැවිරිදි පාසල් සිසුවියක් පුද්ගලයින් 05 දෙනෙකු විසින් අපයෝජනයට ලක් කර ඇති බවයි.

2022 වසරේදී පළමු වරට අවුරුදු 70ක පමණ පුද්ගලයෙකු විසින් මෙම පාසල් දැරිය අපයෝජනයට ලක් කොට තිබෙනවා.

පසුව අවස්ථා කිහිපයකදී ඇයව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් අපයෝජනයට ලක් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

දැරියගේ පවුලේ පවතින අගහිගකම් හේතුවෙන් දැරියට විවිද භාණ්ඩ සහ මුදල් ලබා දී ඇයව අපයෝජනයට ලක් කර තිබෙනවා.

සිද්ධියට අදාළව අපයෝජනය සිදු කළ පුද්ගලයින් 05 දෙනා කඵතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මේ අතර තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි සිසුවිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව එම වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ළමාරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ දැරියට සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මතයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට දැරියගේ මව විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි කටයුතු කර තිබුණේ.

මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධිය වසන් කළ චෝදනාවට අත්අඩංගුවට ගත් එම දැරිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය භාර ගුරුවරියන් දෙදෙනා මීට පෙර ඇප මත මුදා හැර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *