කළුතර, කටුකුරුන්ද ස්ටේෂන් පාරේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ 38 හැවිරිදි තිදරු පියෙක්.
වෙඩි තැබීමෙන් ඔහුගේ 8 හැවිරි දියණියද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.
මියගොස් ඇති පුද්ගලයා කටුකුන්ද දුම්රිය පොළ පාරේ පදිංචි නිවසෙහි දරු තිදෙනා සමග රාත්රි ආහාරය ලබා ගනිමින් සිට ඇති බවත්,යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මියගොස් ඇති පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.