ක්‍රිෂ් ගොඩනැගිල්ල අනාරක්ෂිත බවත් ඉන් මහජන පීඩාවක් සිදුවන බවත් සදහන් කරමින් කොටුව පොලිසිය කරුණු දක්වා තිබේ.

කොළඹ – කොටුවේ ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ල අනාරක්ෂිත බවත් ඉන් මහජන පීඩාවක් සිදුවන බවත් සදහන් කරමින් කොටුව පොලිසිය අද (11) කොටුව මහේස්ත්‍රාත් තණූජා ලක්මාලි හමුවේ කරුණු දක්වා තිබේ.

ක්‍රිෂ් ගොඩනැගිල්ල හිමිකාරිත්වය දරන ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩයට ඒ අනුව නොතිසි නිකුත් කරන ලෙස එහිදි කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම ඉල්ලීම සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනිද්දා (13) ඊට අදාළ සාක්ෂී කැඳවන ලෙස නියෝග කරන ලදී.

පසුගිය ඔක්තෝබර් මස 06 වැනිදා නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩාවැටුණු බවත්, පසුගිය 08 වැනිදා රාත්‍රියේ ද එහි තිබූ යකඩ ⁣කොටසක් කඩාවැටුණු බවත්, එම අවස්ථාවේ කාර්යාල සේවකයන් මෙන්ම රථ වාහනද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් කොටුව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේය.

මීට අදාළ නඩුව අනිද්දා (13) යළි කැඳවේ.

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *