ක්‍රිෂ් ගොඩනැගිල්ල ගැන කොටුව පොලිසිය අද අධිකරණයට කරුණු කියයි

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කරන බව කොටුව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ, එම ගොඩනැගිල්ලේ යකඩ ආවරණ කොටසක් ඊයේත් කඩා වැටී තිබූ පසුබිමකයි. ඉකුත් ඔක්තෝබර් මස 06 වැනිදා ද මෝටර් රථයක් මතට මෙහි යකඩ කොටසක් කඩාවැටී තිබූ ආකාරය හිරු ප්‍රවෘත්ති ඔස්සේ පෙන්වා දුන්නා.

එමෙන්ම පසුගිය 07 වැනිදා එහි තවත් ඉදිකිරීම් ආධාරක කොටසක් යෝර්ක් විදියේ නතර කර තිබූ මෝටර් රථයක් මතට කඩාවැටී තිබූ අතර පසුගිය 08 වැනිදා රාත්‍රියේ ද එහි යකඩ කොටසක් කඩා වැටී තිබුණේ කාර්යාල සේවකයින් මෙන්ම රථවාහන ද එම ස්ථානයෙන් ගමන් ගත් අවස්ථාවකදීයී.

What's your reaction?

Related Posts

1 of 383

Leave A Reply

Your email address will not be published. Required fields are marked *