ක්‍රිස්ටල් සෙරිනිටි කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්‍රිස්ටල් සෙරිනිටි ඊයේ (13) උදෑසන කොළඹ වරායට ළඟාවුණා.

මගීන් 265 ක් සහ කාර්ය මණ්ඩලය 480ක් සමඟින් ඉන්දුනීසියාවේ සිටයි මෙම නෞකාව පැමිණ ඇත්තේ.

ජපානය, බ්‍රසීලය සහ ඇමරිකාව යන රටවල මගීන් එහි ගමන් කරන අතර, ඔවුන් අද කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.

බහමාස් ධජය යටතේ පැමිණි ක්‍රිස්ටල් සෙරිනිටි නෞකාව අද රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව යනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *