ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප එළියට ගිය හැටි සොයන්න පොලිසිය හෝමගම රෝහල පීරයි

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ සාක්කි සටහන්කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මෙම පරීක්ෂණ නුගේගොඩ පොලිස් කොට්ඨාසය මගින් සිදුකරන බවයි පොලිසිය සදහන් කළේ.

අදාල දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට අනාවරණය වූ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පොලීස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ඝාතනය සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතන වලට ලැබීම සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදුණු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ඒ පිළිබඳව කරුණු සහ සටහන් කරගත් බව ද පොලිසිය සදහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *