ක්ලබ් වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් ලොකු පැටීගේ මස්සිනා ඇතුලු තුන්දෙනා මුදාහරී

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සංජීව පුෂ්පකුමාර හෙවත් ලොකුපැටීගේ මස්සිනා ඇතුලු තුන්දෙනා මුදාහැර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසකදී ඔවුන් ඊයේ බස්නාහිර දකුණ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු ද සඳහන් කළේ අත්අඩංගුවට ගත් මොවුන් තුන්දෙනා මෙම සිද්ධියට සම්බන්ධකමක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් මුදාහැරි බවයි.

ක්ලබ් වසන්ත ඝාතනය කිරීම, ඩුබායි හි සිට සැළසුම් කළ මහ මොළකරුවෙකු ලෙසයි සංජීව පුෂ්පකුමාර හෙවත් ලොකුපැටී හඳුන්වන්නේ.

මේ අතර ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. ඒ බොරැල්ල සුසාන භූමියේ දීයි.

මේ වනවිටත් සුසාන භූමිය අවට මෙන්ම දේහය තබා තිබෙන බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවටද දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.

ඒ, ක්ලබ් වසන්තගේ මෘත ශරීරය තැන්පත් කර ඇති එම මල්ශාලාවට කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදීම හේතුවෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *