කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් තරගයේ ජය ශ්‍රී ලංකාවට

අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

ඒ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 68 කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු ලකුණු 102 ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 20 20 ලෝක කුසලායේ A කාණ්ඩයේ තරග වැදීමට නියමිතයි.

ඒ නවසීලන්තය,ඔස්ටේලියාව ඉන්දියාව,පකිස්ථානය සමඟයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *