කිරිබටී කණස්සල්ලෙන්

චීනයේ සමීපතම රාජ්‍යයක් වන කිරිබටි දූපත් රාජ්‍යය විසින්, චීනය ඉකුත් සැප්තැම්බර මාසයේ සිදු කළ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමට විරෝධය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයට ඉතා ම සමීප දූපත් රාජ්‍යයක් වන කිරිබටි රාජ්‍යය චීනයට විරෝධය දැක්වීම පිළිබඳ එම මාධ්‍ය වාර්තා කර තිබුණේ අතිශය දුලභ සිදුවීමක් ලෙසයි.

එම මාධ්‍ය වාර්තා අනුව කිරිබටි රාජ්‍යයේ ජනාධිපති Taneti Maamau පවසා ඇත්තේ චීනය විසින් පැසිෆික් සාගරයේ බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම, සිය රට කිසිසේත් පිළිනොගන්නා බවයි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, චීනය සැප්තැම්බර් අග දී අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම සම්බන්ධයෙන් සිය රටට හෝ අනතුරු ඇඟවීමක් නොකළ බවයි.

එබැවින් මෑත අතීතයේ මේ හා සමාන ආයුධ අත්හදා බැලූ අනෙකුත් රටවල් ඇතුළුව චීනයේ මෑතකාලීන බැලැස්ටික් මිසයිල පරීක්ෂණය කිරිබටි පිළිගන්නේ නැති බව ඔහු සිය සමාජ මාධ්‍ය පණිවිඩයේ දක්වා තිබෙනවා.

“පැසිෆික් සාගරයේ මහ මුහුද හුදකලා සාගරයක් නොවේ. එබැවින් ලෝක සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මෙම ක්‍රියා නතර කරන ලෙස අපි ආයුධ පරීක්ෂාවට සම්බන්ධ සියලුම රටවලට ආයාචනා කරමු.” යනුවෙන් කිරිබටි ජනාධිපති Taneti Maamau එම පණිවිඩය හරහා ඉල්ලා තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *