කිලෝ 150ක කුඩු සමග ධීවරයෝ 6ක් අත්අඩංගුවට

ජාත්‍යන්තර මුහුදේදී නෞකාවකින් ලබා දුන් රුපියල් කෝටි 200කට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන එමින් සිටි ධීවරයන් හය දෙනකු නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වෙරළ සිට මුහුදු සැතපුම් 400ක් පමණ දුරකදී වැටලීම සිදුකළ බව නාවික හමුදාව පැවසුවා.

ගාල්ල වරායට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාව ස්කෑන් පරීක්ෂාවකට ලක්කොට තිබුණා.

එහිදී බඳ කොටසේ බහා ඇති පාර්සල් රැසක් හඳුනාගෙන තිබෙනවා.

එහි කිලෝ ග්‍රෑම් 150කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය තිබෙන බවටයි වාර්තා වන්නේ.

මෙම යාත්‍රාව මේ වනවිට ගාල්ල වරායේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *