කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නෑ

රට ගොඩනැගීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බවයි ජනපතිවරයා සඳහන් කරන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ අද (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *