කුරුවිටදී මල්ලී සිදු කළ පහරදීමකින් අයියා මරුට

රත්නපුර – කුරුවිට – වලඳුර ප්‍රදේශයේදී බාල සොහොයුරා විසින් වැඩිමහල් සොහොයුරාට කතුරකින් සිදු කළ පහරදීමකින් වැඩිමහල් සොහොයුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේදී ඔවුන්ගේ නිවස තුළදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

තුවාල ලැබූ වැඩිමහල් සොහොයුරා රත්නපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

සිද්ධියෙන් මිය ගිය වැඩිමහල් සොහොයුරා 19 හැවිරිදි වියේ පසු වන අතර ඝාතනයට අත්අඩංගුවට ගත් බාල සොහොයුරා 17 හැවිරිදි වියේ පසු වන බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *