කුසල් සහ චරිත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතරට පැමිණ තිබේ.

බංග්ලාදේශයට එරෙහිව මෑතකදී අවසන් වූ එක්දින තරගාවලියේදී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් ඔහු මේ ආකාරයෙන් ඉහළට පැමිණ තිබේ.

එම තරගාවලියේදී කුසල් මෙන්ඩිස් ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගත්තේය.

ඒ අනුව, ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්වල 20 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක ද එක්දින ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව, ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ සිටී

What's your reaction?

Related Posts

1 of 167

Leave A Reply

Your email address will not be published. Required fields are marked *