කෙහෙලියගේ නඩුවේ අනාගතය

ප්‍රමි­ති­යෙන් තොර ප්‍රති­දේහ එන්නත් මෙර­ටට ආන­ය­නය කර රජයේ රෝහ­ල්ව­ලට බෙදා හැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ විරෝධතා ගොනු කිරීමට සැප්තැම්බර් 12 වැනි දා දක්වා කල් ලබා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (21) නියෝග කළේය.

විනිසුරුවරයා එසේ නියෝග කළේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය වගඋත්තරකරුවන් වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමට කල් ලබා දෙන්නැයි සඳහන් කරමින් කළ ඉල්ලිමක් සැලකිල්ලට ගනීමින්ය.

ප්‍රමි­ති­යෙන් තොර ප්‍රති­දේහ එන්නත් මෙර­ටට ආන­ය­නය කර රජයේ රෝහ­ල්ව­ලට බෙදා හැරීම මඟින් රුපි­යල් කෝටි ගණ­නක වංචා­වක් සිදු කිරීම හා රෝගී ජීවිත අනා­ර­ක්ෂිත තත්ත්ව­යට පත් කිරීමේ සිද්ධි­යට අදා­ළව බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට ඇප දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ දියනිය විසින් ගොනු­කළ පෙත්සමක් කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු සුජීව නිශ්ශංක මහතා ඉදි­රියේ විභා­ග­යට ගත් අව­ස්ථාවේ නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණි ගිරි­හා­ගම මෙනවිය කරුණු දැක්වීම සිදු කළාය.

ඉන්දි­යානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන ඉදි­රි­ප­ත්කර ප්‍රමි­ති­යෙන් තොර “ඉමි­යු­නෝ­ග්ලො­බින්” නමැති ප්‍රති­දේහ එන්නත් ආන­ය­නය කළ බවට හා ඒවා රජයේ රෝහ­ල්ව­ලට බෙදා­හැ­රීම මගින් රෝගී ජීවිත අන­තුරේ හෙලීම, රජ­යට වංචා කිරීම යන චෝද­නාව යටතේ හිටපු ඇමැති කෙහෙ­ළිය ඇතුළු 12දෙනකු රහස් පොලි­සිය විසින් විම­ර්ශන සඳහා සැක­පිට අත්අ­ඩං­ගු­වට ගන්නා ලදී.

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින එම සැක­ක­රු­වන්ට ඕනෑම කොන්දේ­සි­යක් යටතේ ඇප දෙන ලෙස කරන ලද ඉල්ලී­මක් විභාග කළ මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම මහ­ත්මිය පසු­ගිය 14 වැනිදා නඩු විභා­ගය නිම­ව­න­තෙක් විත්ති­ක­රු­වන් රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියම කළාය.

ඇප නියෝ­ගය ප්‍රකා­ශ­යට පත් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රිය සඳ­හන් කළේ පොදු දේපළ පනතේ සැක­ක­රු­වකු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර රක්ෂිත බන්ධ­නා­ගාර ගත කළ විට ඇප­මත මුදා හැරීම සඳහා සුවි­ශේෂි කරුණු ඉදි­රි­පත් කිරීම අත්‍ය­වශ්‍ය බවයි.

නඩුව නැවත සැප්තැම්බර් 12 වැනිදා කැඳවීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *