කෙහෙළිය රඹුක්වැල්ල මහාධිකරණයට

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දින ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ, අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළවය.

එහිදී ඔක්තෝබර් මස 03 වනදා සහ 25 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නියෝග කර ඇත.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *