කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ගජනතා පරිහරණයට විවෘත කෙරේ

මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර වසා දමා තිබිණි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම සියලු මාර්ග බාධක ඉවත් කර වසර ගණනාවකට පසු එම ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කර තිබේ.

ඒ අනුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත
මහජන පරිහරණයට විවෘත වේ

What's your reaction?

Related Posts

1 of 124

Leave A Reply

Your email address will not be published. Required fields are marked *