කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ ඔහුගේ පවුලේ අය මරා දැමිය යුතු බවට මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළ ඉසුරු සුරවීර යන පුද්ගලයා ඇඹිලිපිටිය ලැගුම් හලක රාත්‍රි නවාතැන් ගෙන සිට ඇති බව විමර්ශන අනාවරණය කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ ඔහුගේ පවුලේ අය මරා දැමිය යුතු බවට මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළ ඉසුරු සුරවීර යන පුද්ගලයා එම පෝස්ටුව පළ කිරීමෙන් පසු ඇඹිලිපිටිය ලැගුම් හලක රාත්‍රි නවාතැන් ගෙන සිට ඇති බව විමර්ශන අනාවරණය කර ඇත.
මේ
සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුශට කළ පැමිණිල්ලක් ප්‍රකාරව විමර්ශන කණ්ඩායම් තුනක් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට එහි විමර්ශන ප්‍රගතිය දැනුම් දෙමින් මේ බව කියා සිටියේය.

ඉසුරු සුරවීර යන පුද්ගලයෙක් මෙම පෝස්ටුව මුහුණු පොතේ පසුගියදා පළ කර තිබුණි.

පාතාලයේ ප්‍රබලයන් දෙදෙනෙකු වන හරක් කටා සහ කුඩු සළිදු සම්බන්ධයෙන් ලබා දුන් නියෝග විවේචනය කරමින් මින් පෙරද අවස්ථා ගණනාවකදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මරණ බව කියමින් තර්ජනාත්මක ලිපි යොමු කර තිබූ අතර ඊට අදාළ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයාගේ ආරක්ෂාව කර කර තිබුණි

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *