කෝටි 6ක මත්පෙති සමග අයෙක් STF දැලේ

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ලේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිලධාරී කණ්ඩායම ඊයේ (09) බොරැල්ල මාර්ග සංඥාව අසල දී සිදුකළ වැටලීමකදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එමෙන්ම මෙම මෙහෙයුම සදහා නාවික හමුදාවේ සහයෝගයද හිමිව තිබෙනවා.

ඒ අනුව, එහි දී රුපියල් කෝටි 06ක වෙළදපොල වටිනාකමක් සහිත Pregab (ප්‍රෙගැබ්) නැමැති මත්කරල් 599,000ක තොගයක් ලොරි රථයකින් ප්‍ර‍වාහනය කරමින් සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් වැඩිදුර ප්‍ර‍ශ්න කිරිමේදි මන්නාරම ප්‍රදේශයේ පදිංචි සුජි නැමැති පුද්ගලයා විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසලදී මෙම මත්කරල් තොගය ලබා දී ඇති අතර, එම තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන එන ලෙසට මොහුට උපදෙස් ලබාදී ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

තවද මෙම නීති විරෝධී මත්කරල් පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් අලෙවි කරන බවද අනාවරණය වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *