ගංවතුර බැස යද්දී තවත් අවදානමක් ඉහළට

ගංවතුර තත්ත්වයත් සමග විවිධ ලෙඩ රෝග පැතිරයාම සිදුවන බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොහණ සඳහන් කළා.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් අද යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, දැනට ගංවතුර තර්ජනයට ලක් ව ඇති සහ අවතැන් කදවුරු සහිත පාසල් අද විවෘත නොකරන බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා සදහන් කළේ.

මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමඟ රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ කොට්ඨාසයේ පාසල් අද (06) දිනයේත් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව නිවිතිගල කලාපයේ ඇලපාත හා අයගම අධ්‍යාපන කොට්ඨාසවල පාසල් ද අද නොපැවැත්වෙන බවයි සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. එසේම කොටිකාවත්ත සහ කොළොන්නාව කලාපවල පාසල් සහ අවතැන් කදවුරු ක්‍රියාත්මක පාසල් හෙටත් වසා තැබෙනවා.

එසේම, ගංවතුරෙන් බලපෑම් සිදු වූ විවිධ ප්‍රදේශවලට යලි ගංවතුරෙන් බලපෑම් ඇතිවන බවට පැතිර යන ප්‍රචාර පදනම් විරහිත බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියා.

ප්‍රධාන ගංගා පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසකට බලපෑ ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ආපදා තත්ත්වයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කළුතර, කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, රත්නපුර, කෑගල්ල හා දිස්ත්‍රික්කවලට නිකුත්කළ නායයාමේ අවධානම් නිවේදනයද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර, කොළඹ, මාතර, රත්නපුර ඇතුලු ප්‍රදේහ රැසක අවතැන් ජනතාව වෙනුවෙන් යුද හමුදාව සහ නාවික හමුදාව තවදුරටත් සහන සේවාවල නිරත අතර පානීය ජල ටැංකි ස්ථාපිත කිරීම, ආහාර සැකසීම සහ අවදානම් සහිත ගස් ඉවත් කිරීමේ කටයුතු ද සිදු වන්නේ ඔවුන්ගේ මූලිකත්වයෙන්.

මේ අතර ඊයේ (05) පාර්ලිමේන්තුවේ දි අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ, පීඩාවට පත් වූ පුද්ගලයන්ට දෛනිකව ආහාර වේලක් ලබා දිමට අදාළව වෙන් කල මුදල 33% කින් ඉහළ දමා ඇති බවයි.

කෙසේ වෙතත් අවතැන් ව සිටින ජනතාව සදහන් කරන්නේ තමන්ට නිසි ලෙස ආහාර සහ ජලය නොලැබෙන බවයි.

මේ අතර, ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර කියා සිටියේ, චක්‍රලේඛනවල පවතින අඩුපාඩු හේතුවෙන් එම තත්වය හටගෙන ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *