ගම්පහ 25% ක් ද, මාතලේ 22.6 %

ගම්පහ දිස්ත්‍රික්කයේ පෙරවරු 10.30 වන විට ඡන්දය ප්‍රකාශය කිරීම 25% ක් බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ලලින්ද ගමගේ පවසනවා.

හිරු නිව්ස් කල විමසීමකදී ඔහු කියා සිටියේ පස්වරු 12 ට යළි ප්‍රකාශ කිරීමේ ප්‍රමාණය යළි ගණනය කරන බවය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන තෙක්ම කිසිදු මැතිවරණ නීති උල්ලංඝනය වීමක් වාර්තා වී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් ලලින්ද ගමගේ අප වෙත වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ පෙරවරු 10.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම් සිදු කර ඇත්තේ 22.6% ක් බව මාතලේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනි තේජානි තිලකරත්න පවසනවා.

මාතලේ දිස්ත්‍රික්කයේද ඉතා සාමකාමිව මැතිවරණය ප්‍රකාශ කිරීම් සිදු කරන බව ද කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව මාතලේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනි තේජානි තිලකරත්න අප කල විමසීමකදී වැඩිදුරටත් කියා සිටියා.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර අප කල විමසීමකදී කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වන විට 20% ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවය.

එමෙන්ම කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව ඔහු වැඩිදුරටත් අප වෙත කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *