ගාලු‍ වරාය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි උපදෙස්

ගාලු‍ වරායේ මැරීනා සංවර්ධන ව්‍යාපෘතිය සහ නිල් ධජ සහතිකය සහිත වෙරළ තීර ස්ථාපිත කිරීම කඩිනම් කිරීමට කටයුතු කරන ලෙස පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා නියමිත කාල රාමුවක් සකස් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අනුව සති දෙකකට වතාවක් මෙම ව්‍යාපෘති සම්බන්ධ ප්‍රගතිය වාර්තා කළ යුතුයි.

එමෙන්ම අප්‍රේල් 26 වන විට මූලික ප්‍රගතිය දැනුම් දෙන ලෙස පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, වරාය අධිකාරිය, ගාල්ල මහ නගර සභාව ඇතුලු ආයතනවල නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීමෙන් රටට හිතකර ව්‍යාපෘති ප්‍රමාද වීම පිළිබඳව පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වීමත් සමගයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *