ගාසා තීරය සහ පලස්තීනය ගැන ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්

ගාසා තීරයේ සහ පලස්තීනයේ සිදු කෙරෙන ජන සංහාර සහ ළමා ඝාතන ජාත්‍යන්තර සංවිධාන සහ භාරකරුවන් නවත්වන්නේ නැත්තේ මන්දැයි යන්න අද ලොව පුරා සිටින මිනිසුන්ගේ කනස්සල්ලට හේතුවක් බව ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සහ සියලුම මානව හිමිකම් ආයතන සහ සංවිධානවල කාර්යක්ෂමතාව සහ ක්‍රියාකාරිත්වය අහිමි වී ඇති අතර, ඔවුන් මෙම ජන සංහාරය අවසන් කිරීමට කිසිදු නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොගැනීම කණගාටුවට කරුණක් බවයි ඉරාන ජනපතිවරයා එහිදී පවසා සිටියේ.

ඉරාන ජනපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ හමුවේදීයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *