ගිනිඅවි බලපත්‍ර ගාස්තුව ඉහළට

ගිනිඅවි බලපත්‍ර ගාස්තුව ඉහළ නැංවීම සඳහා පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මේ සඳහා තුවක්කු ආඥා පනත සංශෝධනය කිරීමට නියමිතයි.

ඒ අනූව තුවක්කු ආඥා පනතේ 24 වගන්තිය හා 34 වගන්තියේ (1) උපවගන්තිය සංශෝධනය කෙරෙනවා.

දැනට ගිනි අවි 34,318ක් ආරක්ෂක අමාත්‍යංශය මගින් නිකුත් කොට තිබෙනවා.

1916 අංක 33 දරන තුවක්කු ආඥා පනත හා 1996 අංක 22 දරන තුවක්කු සංශෝධන පනතේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බලපත්‍ර මත ගිනිඅවි නිකුත් කිරීම සිදුකරනවා.

ඉන් බලපත්‍ර ගාස්තු ලෙස වසරකට රුපියල් ලක්ෂ 45ක පමණ ආදායමක් ලැබෙන බව පැවසෙනවා.

මේ අනූව කාලීන අවශ්‍යතාව මත පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යංශය වාර්තා කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *