‘‘ගෙඹි දේශපාලනය තුරන් කරනවා‘‘

ජනතා වරමින් මන්ත්‍රීධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීම සඳහා නව නීති ගේන ඒමට සමගි ජන බලවේග රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අම්පාරේදී පැවසීය.

ඇතැම් පිරිස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබුණු පසු අම්මා තාත්තා ජන්මය අමතක වන බවත් ඔවුන් ජනතාවගේ ඡන්දයෙන් ගොස් ආදාහන භුමදාන ගැටලුවේදී ගෝඨාභය රාජපක්ෂට අත ඉස්සු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය ආරක්ෂා කළෙ තමා ඇතුළු සමගි ජන බලවේගය බවත් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර පොතුවිල් සහ සමන්තුරේ ප්‍රදේශවල පැවති ජනාමුවලදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

බියර් පර්මිට් වයින් ස්ටෝස්වලට පගාවට සල්ලිවලට ජනතා වරම විකුණා දැමු පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීමට පවතින නීති ශක්තිමත් කර වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ ලකුණ තබන බවත් විපක්ෂ නායකවරයා කීවේය.

අප රට නිදහස් රටක් වුවත් ජනතාවට ආර්ථික නිදහස අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *