චන්දෙන් උන හොද දෙයක් තමා මේ හොරු ටික පන්නන්න පුළුවන් උනා ඒ මිනිස්සු අයින්ම වෙලා ගියා

ජාතික ජන බලවේගය මේ චන්දෙන් ජයග්‍රහණය කලා

එයාල බහුතරය බලය දැන් ඉල්ලනවා එයලා ආණ්ඩුව ගද්දි විපක්ෂයේ ඉද ගන්නේ කවුද ඇයි විපක්ෂයක් අවශ්‍ය

විපක්ෂය දුර්වල උනාම බලන්නකො මහින්ද මහතාගේ කාලේ විපක්ෂය දිය වෙලා ගියා

එතකොට දූෂණය වැඩි උනා රේස් පැද්දා මිනිස්සු මැරුවා ඕවා තමා උනේ

ගෝඨභය මහතා ඊට පස්සේ ගත්තා එයාට මිනිස්සු ගහලා පැන්නුවා

කැබිනට් එක කියනවා විදේශිකයෙක්ගේ නැතිවුන බැග් ගැන කියනවා

නිපුණ ආරච්චි කියනවා වූර්තීය සමිති විසුරුවා හරිනවලු තව කෙනෙක් කියනවා සෑම ගෙදරටම වාහන දෙනවලු ජනාධිපති තුමා මාධ්‍ය නාලිකා වලට බයිනවා ලාල් කාන්ත පොලිසියට බයිනවා

කලින් සිදු වුන දේවල්ම තමා වෙන්නේ මාසයක් ඇතුළත මිනිස්සු බලාපොරොත්තු වුන දේවල් දේන්නේ නෑ

වැටුප් වැඩි කරන්න බෑ කියලා අගමැති කියනවා රනිල් කාලාට එහෙම කරන්න බෑ කන්න ඕනේ උනාම කබරගොයාව තලගොයා කර ගන්නවා

උතුරේ මිනිස්සු බලාපොරොත්තු වුනේ මේ මර්දන නීති නැති කර ගන්න කරේ මොක්කද පලාලි පාර ඇරපු එක අපේ බලාපොරොත්තු ඉටු වෙයිද

දැන් අපිට මිනිස්සු කියනවා අපි රැල්ලට චන්දේ දුන්නා අපිට වැරදුනා කියලා අපි ශක්තිමත් විපක්ෂක් හදන්න ඕනේ මේ ආණ්ඩුව හරි මගට ගන්න

හිටපු විපක්ෂය මොනාද කලේ බස් බෙදුවා සුහුරු පංති කාමර හැදුවා ඕවා කරන්නද එයලා ඉන්නේ රට වැටුන වෙලාවේ මොනාද කලේ අරගලේ වාසිය වත් ගන්න බැරි වුනා එයලාට

බොයිලර් කුකුලෙක් වගේ හිටපු විපක්ෂ නායකයා ඇතුලේ කිසි ගුණයක් නෑ ලොකුවට පේනවා හැබැයි ගිටාර් එක්ක ගහනවා ඩ්‍රම් එකක් ගහනවා ඕවා තමා කරන්නේ

විකුර්ති විපක්ෂ එනවා නන්නත්තාර වෙන්න පැරදිලා වෙන කෙනෙක් දාගෙන එනවා අමුතු විපක්ෂයක් හදන්න යන්නෙ ඉස්සරහට

අරගලයේ මිනිස්සු හදන පිට කොන්ද ආණ්ඩු පක්ෂය වෙනස් කලා ඒ නිසා විපක්ෂය වෙනස් කරන්න ඕනේ අරගලයේ දී විපක්ෂය හැදුවේ එලියේ

මිනිස්සුන්ගේ දේවල් හොරා කද්දි කතා කලේ ජන අරගලයේ ඉන්න මිනිස්සු හිටපු විපක්ෂය මුකුත් කලේ නෑ

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *