පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු යළි සිය නිල රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි මාසයේ ඔහු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවට අනාවරණය වීමෙන් පසු ඒ සදහා ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් රාජකාරි කටයුතුවලින් ඉවත් ව සිටියා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ චාල්ස් රජු ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සිය පළමු නිල රාජකාරිය ලෙස එරට රෝහල් නිරීක්ෂණයකට එක්ව සිටින බවයි.