චීන සුපිරි මෝටරිය වෙලදපලට පමා වෙයි

චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Xiaomi සිය පළමු විද්‍යුත් වාහනය එළිදැක්වීමෙන් දින කිහිපයකට පසු නිවේදනය කළේ, සිය මෝටර් රථය බෙදා හැරීමට තවත් මාස හයක කාලයක් ගතවනු ඇති බවයි.

ඒ ඉකුත් බ්‍රහස්පතින්දා SU7 Max නැමති එම මෝටර් රථයට අදාළව ඇණවුම් බාර ගැනීමට ආරම්භ කිරීමෙන් අනතුරුව පැය 24ක් ගත වීමටත් මත්තෙන් පෙර ඇණවුම් 88,898ක් ලබා සිටි පසුබිමකයි.

Xiaomi සිය SU7 මාදිලියේ මිල ලෙස යුවාන් 215,900ක ($29,872) මිලක් තීරණය කරන්නේ, චීනය තුළ Tesla’s Model 3 විද්‍යුත් කාරයක් සඳහා ආරම්භක මිල ලෙස යුවාන් 245,900ක මිලක් පනවා ඇති අවස්ථාවකයි.

SU7 ප්‍රවර්ධනය කිරීමේ කොටසක් ලෙස, Xiaomi විසින් නොමිලේ ශීතකරණ වැනි තෑගි ද ලබා දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ නමුඉත් 12% ක පමණ වෙළඳපල කොටසක් සහිත ලොව තුන්වැනි විශාලතම ස්මාර්ට්ෆෝන් විකුණුම්කරු වන Xiaomi, විද්‍යුත් මෝටර් රථ සඳහා වන ලොව විශාලත ම වෙළඳපොලේ දී Tesla සහ BYD ඇතුළු තරඟකරුවන් හා තරග වැදීම එම වෙළෙඳපොළ තුළ විශාල තරගයක් නිර්මාණය කිරීමට හේතු වනු ඇතැයි වාර්තා පළ වන්නේ


What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *