ඡන්ද සටනින් ඉවත්ව ගිය රට කරවූ රාජපක්ෂලා

පසුගිය දශක ගණනාව පුරා රට පාලනය කළ සහ ක්‍රියාකාරීව දේශපාලනයේ සිටි රාජපක්ෂ පවුලේ සහෝදරයින් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, දශක ගණනාවකට පසු පළමු වතාවට රාජපක්ෂ සහෝදරයන් ඉදිරිපත් නොවන මැතිවරණයක් වීම විශේෂත්වයක්.

නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවට නම් කර ඇති අතර ඔහු පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙසද තරග කළා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, හිටපු ඇමති චමල් රාජපක්ෂ සහ හිටපු ඇමති නාමල් රාජපක්ෂ යන රාජපක්ෂ ප්‍රබලයෝ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී නැහැ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *