ජනතාවගේ කුසගින්න නිවන එක වැරැද්දක් නම් මම ඒ් වරද බාරගන්නවා

තමාට අද එල්ල වී ඇති චෝදනාව අසීරු අවස්ථාවේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලමින් ජීවත්වීමේ අයිතිය සුරැකීම බවත් එය වරදක් නම් එම වරද පිළිගැනීමට සුදානම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අම්පාර පොතුවිල් ජලාල්දීන් ක්‍රීඩාංගණයේදී ඊයේ (23) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

ආගම, ජාතිය මුල් කර ගනිමින් තමා කිසිදා දේශපාලනය නොකළ බව ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම මුස්ලිම් ජනතාවගේ අයිතින් සුරැකීමට තමා කවදත් කැපවු බව සඳහන් කළ ජනාධිපතිවරයා 2022 ජූලි 09 වනදා කිසිවෙකු භාර නොගත් රට තමා භාරගත්තේ සියලු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් බවද කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ “ ජනතාවගේ කුසගින්න නිවන එක වැරැද්දක් නම් මම එම වරද බාරගන්නවා. ඉන්ධන ලබාදුන් එක වැරැද්දක් නම් මම එයත් බාරගන්නවා. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න නොහැකි වු විපක්ෂයේ කණ්ඩායම් අද රට ඉල්ලමින් වේදිකාවල කෑගසමින් සිටිනවා ” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *