“ජනතාවට ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම තම අරමුණයි”

රටේ පවතින ආර්ථික ගැටලු‍වලට විසදුම් ලබාදෙමින් ජනතාවට ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරිම තම අරමුණ බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (14) කෑගල්ලේ පැවති ජන රැලියකට එක්වෙමින් .

රටේ ආර්ථික ගැටළුව විසඳමින් ජනතාවට සහන ලබා දී, ජීවත්වීම පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දුන්නේ තමා බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙන බව ඔහු කියා සිටියා.

මෙහිදී ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියා.

පසුගිය සමයේ අස්වැසුම, පොහොර සනාධාරය, විශ්‍රාම සහ වැඩිහිටි දීමනා ලබා දුන් බව ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.

එක පැත්තකින් භාණ්ඩ මිල අඩු කරනවා වගේම අනෙක් පැත්තෙන් මුදල් දී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කර තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියා.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කළා “අනාගතය පිළිබඳ කාටවත් චාන්ස් එකක් දෙනවද, නැත්නම් ස්ථීර අනාගතයකට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි. මාලිමාවෙන් කියනවා අපිට චාන්ස් එකක් දෙන්න කියලා. ඔවුන්ගේ අය වැය මගින් IMF කොන්දේසි සියල්ල කඩ කර තිබෙනවා. කොන්දේසි කඩ කරලා IMF සහාය අහිමි වූ පසු රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ඒ වගෙම ඔවුන් මේ ආර්ථික ප්‍රශ්න විසදන ආකාරය පිළිබඳ මම ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි. ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසා පිළිතුරු දෙන්නේ නැහැ. ඔවුන් ප්‍රශ්න ගැන කථා කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ බනින එක විතරයි. නමුත් මට පුළුවන් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න යැයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *