ජනපතිවරණයට ඡන්ද හිමියන් 17,140,354 දෙනෙකු ලියාපදිංචි වෙයි

ලබන සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඡන්ද හිමියන් 17,140,354 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව දැක්වෙන්නේ 1,765,351 ක් ලෙසයි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද හිමියන් 1,881,129 දෙනෙකු සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද හිමියන් 1,024,244 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද හිමියන් 1,417,226 දෙනෙකු ජනාධිපතිවරණයට ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *