ජනපති අපේක්ෂකයන් තිදෙනෙක් ආගිය අතක් නැහැ

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධාන කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක ප්‍රකාශ කළා.

ඊයේ (28) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, අපේක්ෂකයන් තුන්දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණ මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුකූලව නීතියෙන් නියම කර ඇති පරිදි වෙනත් මැතිවරණ පැවැත්වීමේ කාර්යභාර්යද සැලකිල්ලට ගනිමින් කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද වීමසිම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ මැතිවරණ කොමිෂන් සභාව රැස්ව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *