ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ස්වාධින අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වුණා.

ආර්ථික අර්බුදයට මුහුණ දුන් රට යළි යථා තත්ත්වයට පත්කරමින් රට ඉදිරියට ගෙන යායුතු ආකාරය ඇතුළු ප්‍රතිපත්ති එහි අන්තර්ගතයි.

“රනිල් සමග රට දිනවන වසර පහක්” යන ප්‍රතිපත්ති ප්‍රකාශය ථේරවාද වෙළද ආර්ථික ක්‍රියාන්විතය, – 2025න් ඔබ්බට ප්‍රභාශ්වර සමාජයක් කරා මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා යන ප්‍රධාන අංග 5කින් සමන්විතයි.

ථේරවාදි වෙළෙඳ ආර්ථිකය යටතේ රාජ්‍ය ගෙවීම්වල හිඟ මුදල් මාස තුනකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටීමට අවසර නොමැති අතර අයවැය හිඟය පියවීම සඳහා පියවීම සදහා මහ බැංකුව මගින් මුදල් අච්චු ගැසීම සපුරා තහනම් බව දැක්වෙනවා.

විදුලි සහ ඉන්ධන මිල, ඒ සදහා වැය වෙන මුදල පදනම් කරගෙන තීරණය කළ යුතු බවත් විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නම් වහාම සෘජුවම මහා භාණ්ඩාගාරය විසින් ඒ සදහා මුදල් සැපයිය යුතු අතර සමාජ ආරක්ෂණය සදහා වැය කරන මුදල නියමිත ප්‍රමාණයට වඩා අඩු නොකළ යුතු බව සඳහන්.

ප්‍රභාස්වර සමාජක් උදෙසා යන තේමාව යටතේ 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවන බවත් ජාතික විගණන පනත සංශෝධනය කරන බවත්, 2025 වර්ෂයේ සිට 2029 දක්වා ජාතික දූෂණ විරෝධී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන බවද පෙන්වා දෙනවා.

ක්‍රීඩාවට ජවයක් යන තේමාව යටතේ නව ක්‍රීඩා නීතියක් හඳුන්වා දෙන බවත් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව පත් කරන ලද කමිටු නිර්දේශ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කරන බවද ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *