ජනපති සටනට ආපු වියදම් වාර්තා නොදුන්න තුන්දෙනා මෙන්න

ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ගෙන් 38 දෙනාගෙන් 35 දෙනෙකු වියදම් වාර්තා ලබා දී තිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනවා.

සභාපතිවරයා කියා සිටියේ වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ වියදම් නියාමන පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපතිවරණයට අදාළ වියදම් වාර්තා මෙතෙක් ලබා දී නොමැත අය වන්නේ පුජ්‍ය බත්තරමුල්ලේ සිලරතන හිමියන්, පී. අරියනේත්‍රන් ,සරත් කීර්තිරත්න ය.

මේ අතර ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ට සහ පක්ෂවලට සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට භාර දීමට ලබා දී තිබූ දින 21ක කාල සීමාව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *