ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 4, 5 සහ 6

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 4, 5 සහ 6 යන තෙදින තුළ සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් හා මැතිවරණ කාර්යාලය සහ පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් මස 4 වනදා සිදු කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට සැප්තැම්බර් 5 සහ 6 යන දෙදින වෙන් කර තිබෙනවා.

නියමිත දිනයන්වලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වුවහොත් ඒ සදහා අමතර දින ලෙස සැප්තැම්බර් 11 සහ 12 වෙන් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *