ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වී සතියකටත් අඩු දින කිහිපයකදී රට තුල සිදුකළ හා සිදුවූ කැපී පෙනෙන වෙනස්කම් මෙන්න

1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම

2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම

3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම.අවභාවිතා කළ බව කියන ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන රැසක් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට පියවර.

4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම

5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම

6) කිරිපිටි මිල පහත වැටීම

7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.

8) ලොව කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම

9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම

10) ශ්‍රී ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම

11) පළමු වරට අමාත්‍යංශ ලේකම් ධූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අදාළ අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම

12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan වීසා ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම

13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූෂිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම

14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම

15) කෙටිම කාලයක් තුල හිටපු මැති ඇමතිවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම

16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම

17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.

18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27 වනද සිට යලි ජනතාවට විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග.

19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27 දින සිට යලි කැඳවීම

20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.

21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *