ජනාධිපති අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙක්ට වැය කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවණ කොමිසම විසින් තීරණය කරනු ලබන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ නම් එය නීතිවිරෝධි ක්‍රියාවක් වන අතර, අදාළ මැතිවරණ නීතිය යටතේ ඡන්ද අපේක්ෂකයාට දඬුවම් කළ හැකි බවයි එම කොමිසම පසුගියදා නිවේදනය කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *