ජනාධිපති ලේකම් කාර්යාලය one stop Shop එකක් බවට පත් කරනවා

සැප්තැම්බර් 22 වෙනදා සිටම මෙරට ගම්මානවල කර්මාන්ත ශාලා පිහිටුවන්නට අයෝජකයන්ට සුදානම් වන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (19) නාවලපිටිය පැවැති විජයග්‍රාහි රැලිය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය ones top Shop එකක් බවට පත් කරමින් ආයෝජනය කරන්නට එන, රැකියා බිහි කරන්නට එන, දහස් ගණනින් රැකි රක්ෂා ගෙන එන ආයෝජකයින්ට ඉක්මන් අනුමැතිය ලබා දෙන වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බවය.

තරුණ ප්‍රජාවගේ ඇති රැකියා ප්‍රශ්ණයට ස්ථීර විසදුමක් ලබා දීමට කටයුතු කරවන බව ඔහු කියා සිටියා.

එමෙන්ම වතු ප්‍රජාවටත්, ඉඩමක අයිතිය නැති තරුණ්‍යයටත්, රටේ තේ නිෂ්පාදනය දායකත්වය දෙන්නට ඉඩම් හිමිකරුවන් බවට පත් කරන ඔහු පවසා සිටියා.

එමෙන්ම ගෙවල් හදන ගම් උදාව යළි මෙරට ආරම්භ කරන බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *