ජපානයේ ප්‍රබල භූමි කම්පනයක්

ජපානයේ හොන්ෂුහි නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භුමිකම්පාවක් හටගෙන තිබෙනවා.

එය මැග්නිටියුඩ් 6.3ක ප්‍රබලත්වයක් සහිත එකක් වූ බවයි වාර්තා වෙන්නේ.

එම භූ කම්පනය, භූ කම්පන ලක්ෂයේ සිට කිලෝමීටර් 32ක් ගැඹුරින් ඇති වූ බවයි යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසන්නේ.

භූමිකම්පාවෙන් පසු හානි හෝ තුවාල පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා නොවන අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එය ටෝකියෝවට ද දැනුණු බවයි.

මේ අතර ඊයේ (03) දිනයේ තායිවානයේ නැගෙනහිර වෙරළ ආසන්නයේ රිච්ටර් පරිමාණයේ 7.4ක විශාලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *