කොළඹ ජාවත්ත හන්දියේ අවන්හලක සේවකයන්ගේ නවාතැන් පොළක ඇතිවූ ගින්නෙන් එම නේවාසිකාගාරයේ කාමර 3 ක් සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති අතර,යහපත ගෙදරකටද ගින්න පැතිරීම නිසා එම නිවසට ද දැඩි අලාභ හානි සිදුවී ඇත…..
ගින්න ඇතිවෙන අවස්ථාවේ නේවාසිකාගාරයේ අවන්හලේ සේවකයන් දොළහක් සිට ඇති අතර කිසිදු සේවකයෙකුට ගින්න නිසා හානියක් සිදුවී නොමැත,කෙසේ වෙතත් නේවාසිකාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත….නේවාසිකාගාරයේ ඇති වූ ගින්න නිසා යාබද නිවසේ කාමර තුනක්ද දැඩි හානියට පත් වී ඇත……
මේ සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදාගෙන ඇති අතර,කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි…..