ජාඇල ඔතේ කැලේදී දිගු කලෙක පටන් මහා පරිමාණයෙන් ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් තිත්පොලක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකය (බස්නාහිර උතුර) උප පොලිස් පරීක්ෂක ආර්.පී.එස්.ටී. කාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.09.05 වන දින ජාඇල පොලිස් වසමේ ඔතේ කැලේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී දිගු කලෙක පටන් ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් තිප්පොලක් වටලා නීති විරෝධී මත්පැන් ලීටර් 337.5 ක් තඹ දඟර 09 ක් සහ යකඩ බැරල් 20 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *